Sunday, February 23, 2014

නරකම නරක විභාගෙ..

ඔන්න ඉතින් හැම පාඩමක් අන්තිමේදිම එන විභාගෙ මේ මාසෙත් ආවා.කොච්චර පාඩම් කරත් මේක නම් ඉහේ ඉදන්ම නානව කියල පාඩම පටන්ගත්ත දවසෙමයි මට තේරුනේ.
සුපුරුදු විදියට විභාගෙට කලින් දවසෙ මට උණ ගැනුනා සෙම්ගෙඩිත් එක්කම.(අනේ වාසනාවන්)ඒ හින්ද පාඩම් කිරිල්ලත් බොරු.වැඩට ගියෙත් නැහැ.ගෙදරට වෙලා නිදාගත්තා.


අනේ අපොයි!! ඒ විභාගෙට අහල තිබුන ඒවා..විභාගෙකදි වෙන්න පුලුවන් නරකම ඒව කියල මම හිතාගෙන හිටපු ඔක්කොම වගේ ඒව මට උනා.

1. මෙච්චර දවසක් මතක්වත් නොවී තිබුන ලස්සන සින්දුවක් ඔලුවට ආව.Exam hall එකෙන් එලියට එනකන්ම ආයෙ ඔලුවෙන් ගියෙ නැහැ.

2. මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ මෙන්න මේ Hand out එකේ කියල හොඳටම දන්නව උනාට උත්තරේ මතක් උනේම නැහැ.

3. උත්තර ලියන්න IPM එකෙන් දුන්න පොතෙන් බාගයක් වත් ඉවර උනේ නැතුව මම මොකෙද්ද වගේ බලාගෙන ඉද්දි, කවුදො මන්දා මේසෙට තට්ටු කර කර වැඩිපුර කොල ඉල්ලනවා උත්තර ලියන්න.

4. ඉතුරු පැය 2ක් විතරම මට කරන්න මුකුත් නෑ කියල තේරුනහම මම කලේ exam hall එකේ ඔලුගෙඩි ගාන ගැන්න එක.ඒ විතරක් නෙමෙයි, ඊලඟ විභාගෙට පාඩම් කරලා උඩින්ම පාස් වෙන විදියත් ප්ලැන් කලා.( එව්වටත් මේ සෙතේම නොවේවා!!)

අපොයි දෙයියනේ, Industrial Relations වලට ගිය කලක්..දැන් ඉතින් results එනකන් බෝධි  පූජා තමයි!!



7 comments:

  1. ඊගාව විභාගෙ බ්ලොග් කෙරුවාව නිසා ඇණ ගන්නෙ නැතුව හොඳට ලියපන්. බ්ලොග් එක ලස්සනයි. දිගටම ලියමු හොඳේ.... සුභපැතුම්!!

    ReplyDelete
    Replies
    1. අඩෝ තරුවො කමෙන්ට් වල වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරහන්. මල වදේ....

      Delete
    2. බොහොමත් ස්තූතියි ඉතින්.. උනු උනුවේ පලවෙනිම comment එක ඔයාගෙන්

      Delete
  2. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    වැදගත් සින්ඩියට බ්ලොග් එක එකතු කිරීමට ලගදි ලියු බ්ලොග් ලිපියක් තිබිය යුතුයි .

    (මෙය Spam ලෙස නොසලකන්න ඔබ හා තවත් බ්ලොග් කරුවන් , බ්ලොග් කියවන්නන් දැනුවත් කිරීම උදෙසා පල කරන ප්‍රතිචාරයකි.)

    ReplyDelete
  3. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    වැදගත් සින්ඩියට බ්ලොග් එක එකතු කිරීමට ලගදි ලියු බ්ලොග් ලිපියක් තිබිය යුතුයි .

    (මෙය Spam ලෙස නොසලකන්න ඔබ හා තවත් බ්ලොග් කරුවන් , බ්ලොග් කියවන්නන් දැනුවත් කිරීම උදෙසා පල කරන ප්‍රතිචාරයකි.)

    ReplyDelete
  4. බස්සි: එච්චර හරියක් කොරගන්න තවම දන්නෙ නැහැ බොල බස්සියෙ..තවම මේ හැම එකම හොයන ගමන්.. :D

    ReplyDelete
    Replies
    1. settings --> posts and comments --> show word verification --> NO

      Delete